Spread the love

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඉදිකෙරෙමින් පවතින මහල් 08කින් සමන්විත ගොඩනැගිල්ල ඒ සඳහා වෙන් කර ඇති අතර, එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විත කාමර 82ක් ස්ථාපිත කරන බවයි සඳහන් වෙන්නේ.

ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකකද ඊට ඇතුළත් බව සඳහන්.

ඉදිරි වසර තුළ දිවයිනට සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කරන අතර, එම සංචාරකයින්ට ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබා දීමෙන් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට එම රෝහල පත් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.