Spread the love

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදා යේමනයේ හූති කැරළිකරුවන් එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4% කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඩොලර් 80.44 ක් ලෙස දැක්වෙන අතර WTI බොර තෙල් බැරලයක මිලද 4% කින් ඉහළ ගොස් තිබෙනවා.