Spread the love

වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දියන් ජාතිකයකු උණුවතුර බොයිලේරුවකට ඇදවැටී මියගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ජේ. රාජ්බායි නමැති 34 හැවිරිදි පුද්ගලයකි.
මියගොස් ඇති පුද්ගලයා ඊයේ (30) අලුයම මීගම, දර්ගා නගරය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇදවැටී රෝහල්ගත කර ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන් වේ.
වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි