දිවැසිවරයෙකු බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විසින් බුදුරජාණන් වහන්සේ පිලිබද අවමන් සහගත ප්‍රකාශයක් කිරීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
කිසිම ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවත් පවසන අමාත්‍යවරයා ජෙරම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට හා බෞද්ධාගමට එරෙහිව සිදුකරන දේශනාවක් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවද ඉල්ලා සිටියේය.
බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත් ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ සෙවූ ආලෝකය ජේසුස් වහන්සේ බවත් ජේරම් ප්‍රනාන්දු මෑතකදී සිය දේශනාවකදී කියාසිටියේය. එනිසා සෑබ බෞද්ධයෙකුටම බුදුන් වහන්සේ එබැවින් අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කළේය.