Spread the love

බීමතින් පාසලකට ඇතුළු වී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීයෙකුපෙරේදා (17) බීමතින් පාසලකට පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට බලහත්කාරකම් කිරීම සම්බන්ධව මල්ලාවි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්, මල්ලාවි පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබිණ.

එම විමර්ශනයේදී මෙම නිලධාරියා මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව ඔහු මල්ලාවි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ඊයේ (18) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.