එළඹෙන උත්සව සමයේ බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමේ නළ බෙදාහැරීම ආරම්භ කර ඇති බවත්, හෙට (07) දිනය වනවිට නළ 167,000කට ආසන්න සංඛ්‍යාවක් සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එසේම අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කර ඇති බවත් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර වැනි සංචාර නිරන්තරයෙන්ම යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.