Spread the love

අලුත උපන් බිළිදු මල සිරුරක් ගිරාදුරුකෝට්ටේ මාර්ගයක් අසළ තිබෙනු ඒ අසළින් ගමන් කළ අයකු දැක පොලිසිය දැණුවත් කිීරිමට පියවර ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මක වු ගිරාදුරු කෝට්ටේ පොලිසිය මහියංගනය දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගය අසළ තිබු මළ සිරුර දැක ගැනීමෙන් පසු එම ස්ථානය දැඩි විමර්ශනය ලක්කලේය.
එහිදී අවට පාසල් ,බස් නැවතුම් පළක් තිබු අතර ඒ අසළ තිබි කළු පැහැති ගමන් මල්ලක් සොයාගැනීමට සමත්වි ඇත.
මළ සිරුර මේ වනවිට නරක් වී ඇති අතර කිසියම් පුද්ගලයකු මෙම ස්ථානයට බිළිදු මල සිරුර විසිකර දමා ගොස් ඇතැයි සැක පහළ වී තිබේ.
සිද්ධිය පිළිබදව ගිරාදුරු කෝට්ටේ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි..