Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර මිල විශාල ලෙස පහත වැටී ඇතිබව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.

ගොවිපළ වෙත පැමිණ ගැනීමේදී බිත්තරයක් රුපියල් 23ත්25ත් අතර මිලකට ලබාදිය හැකිය.

මේවන විට වෙළඳ පොළේ බිත්තරයක මිල රුපියල් 27 අගයක පවතියි.

බිත්තර මිල පහත වැටීමත් සමඟ දෛනිකව විශාල බිත්තර ප්‍රමාණයක් අලවි වන බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.

ඉදිරි සති කිහිපයේ තවදුරටත් බිත්තර මිල අඩුවනු ඇතිබව ගොවිපළ හිමියන් පවසයි.

මෙම මස මුල් සතියේ බිත්තරයක මිළ රුපියල් 35ත්40ත් අතර මිලක පැවති බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි.