Spread the love

උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය බිත්තර මිලියන 15 ක් හෙට (17)දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.

එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.

බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

දැනටමත් මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා පැවසුවේ..