Spread the love

බිත්තර ගැටළුවට විසදුමක් ලැබෙන තුරු තාවකාලිකව බිත්තර ආනයනය කළයුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.

එසේ නොකළ හොත් බිත්තර ගැටළුවට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට සිදුවන බවද එන්.කේ ජයවර්ධන පැවසුවේය.

බීත්තර සමබ්න්ධයෙන් විශාල කළුකඩ මාෆියාවක් තිබෙන බැවින් හා බිත්තර ලබා නොදෙන තත්ත්වයක් මතුව තිබෙයි.

එම නිසා රටේ බිත්තර අවශ්‍යතාවයෙන් 50% ක් හෝ නිෂ්පාදනය නොවන බවත් එය යථා තත්ත්වයට පත්වන තුරු තාවකාලිකව බිත්තර ආනයනය කළ යුතු බවයි බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරන්නේ