Spread the love

එළඹෙන උත්සවය සමයත් සමඟ වෙළෙඳපොළේ භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇත.

රජය බිත්තර ආනයනය නවතා ඇති පසුබිමක වෙළෙඳපොළේ යළිත් බිත්තර මිල ඉහළගොස් තිබේ.

පසුගිය දින කිහිපය පුරාවට බිත්තරයක් රුපියල් 55ත් 65ත් අතර මිලකට අලෙවි කෙරුණි.

දිවයිනේ ප්‍රදේශ රැසක අදත් බිත්තර අලෙවි වන්නේ රුපියල් 55 ඉක්මවූ මිලකටය.

මේ අතර වෙළඳපොළේ කුකුළු මස් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

වෙළෙඳුන් පවසන්නේ ඉදිරියේදී තවදුරටත් මිල ඉහළයනු ඇති බවය.

මේ අතර ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල ද මේ වනවිට ඉහළ ගොස් ඇත.

අද වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක් අලෙවි කෙරුනේ රුපියල් 440ක මිලකටය.

මේ අතර තිරිඟු පිටි හා සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශ්වයන්ගෙන් නියමිත බදු අය කරගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.