බිත්තර මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
ඔවුන් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 65ත් 70ත් අතර දක්වා මිල ඉහල ගොස් ඇති බවත්ය.
බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග ආහාර සදහා බිත්තර ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තම කුඩා දරුවකුට හෝ බිත්තරයක් ලබා දිමට තමන්ට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.
බිත්තර වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට ඉල්ලුමට සරිලන ලෙස බිත්තර තොග නොමැතිවිමත් තිබෙන බිත්තර තොග මිලද ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවයි.
මේ අතර පිටකොටුවේ ආහාර ද‍්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරන්නේ ඉන්දියාවේ බිත්තර වල තොග මිල සම්බන්ධයෙන් දැනට විමසීම් කර ඇති බවයි.
බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ ද එය ආනයනය කරන ක්‍රමවේදය මෙතෙක් පැහැදිලි කරන්න නැති බව ද ඔවුන් පැවසූහ.