Spread the love

ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේ තවත් තරගයක් සිඩ්නි තන්ඩර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රිකර්ස් කණ්ඩායම් අතර අද (16) සිඩ්නි හිදී පැවැත්වුණි.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළේය.

නමුත් ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15ක් පමණි.

එය බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය.

එය පිරිමි 20යි 20 තරගයක කෙටිම ඉනිම ලෙසද ලෝක වාර්තාවක් තැබීය.

සිඩ්නි පිතිකරුවන් මිහුන දුන්නේ පන්දු ඕවර 5.5කට පමණි.