Spread the love

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම හා පිටවීම ගැටලුවක් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු අමෙරිකානු පුරවැසියෙක් බවත් ඡන්දය ඉල්ලීමටවත් ඔහු සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගත් බවයි ජන හමුවක් අමතමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම වෙනුවට ඹහු කලේ , ජනතාව රවටා තුනෙන් දෙකක බලයක් ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කිරීම යැයිද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දෙයි.