Spread the love


නිමල් රාජපක්ෂ-

ජුනි පළමුවැනිදා සිට මෙරටට ආනයනය කරන කරවල හාල්මැස්සන් හා පළතුරු සදහා බැර ලෝහ ප්‍රතිශතය පරික්ෂාකිරම අනිවාර්යය වෙයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල ,හාල්මැස්සන් සමහර තොගවල බැරලෝ හා ආසනික් විශාල ප්‍රමානවලින් අඩංගුවන බවට හෙලිවි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යං’ශය පවසයි.
ආනයනික පලතුරු සමහර තෙග වල බැර ලෝහයක් වන ඊයම් (lead)විශාල ලෙස අඩංගුවෙයි මේ වන අනාවරනය වී ඇතතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආහාර පාලන එක්කකය සිදු කළ 2021-2022 කාලය තුළ ක්‍රියාමත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමික්ෂණයේදීය.

අදාල කරවල හාල්මැස්සන් හා පළතුරු ආදියේහි අඩංගු බැර ලෝස ප්‍රතිශකය පරික්ෂා කිරීම මේ වසරේ ජුනි 1 වැනිදා සිට අනිවාර්යවෙයි.

මීට අමතරව මේ කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයිනට දැන ගැනිම සදහා විශේෂත දුරකථන අංකයක් වන 0112112718 අංකය ආහාර පාලන ඒකකය මගින් හදුන්වාදී ඇත. මීට අමතරව වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල් ,පාරිසරික සෙෘඛ්‍ය වෘත්තිය ,සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය ,සෞඛ්‍ය  අමාතංශයේ 0714499222 වැඩි විස්තර දැනගත හැකියි.