Spread the love


නිමල් රාජපක්ෂ-.

නීති විරෝධීව ආනයනය කල රුපියල් මිලියන 31.5 ක් වටිනා සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට අනුයුක්ත නිලධාරීන් සොයාගෙන ඇත.

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදුකරන ලද විශේෂ පරීක්ෂා කිරීමකදි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20ක් තුළ සඟවා මෙම සිගරට් තොගය මෙරටට ආනයනය කර ඇති අතර එහි සිගරට් කූරු 420,000ක් මෙලෙස අදාළ බැරල් තොගය තුළ සඟවා මෙරටට ආනයනය කර තිබියදී සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.


මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බවට තහවුරු විය.

සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවද සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න