Spread the love

යාපනය සිට මහනුවර බලා ධාවනය වු ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කිලිනොච්චිය, අලිමංකඩ ප්‍රදේශයේ අද(24) අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

බස් රථය මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබු 8 දෙනා අතරින් පහකට බරපතළ බව කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ගපවසයි.