නිමල් රාජපක්ෂ-
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්රදේශයේදී අද පෙරවරුවේ බෝගභෝගී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් ලිඳුල ප්රාදේශීය රෝහලට ප්රතිකාර සදහා ඇතුළත් කර තිබේ.