අද දින උදෑසන ගන්දර පොලිස් වසමේ තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 62 ක් වන අතර තුවාලකරුවන් සියළුම දෙනා මේ වන විට මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
තුවාලකරුවන් අතර කාන්තාවන් 32 ක්, වයස අවුරුදු 26 ක නෙර්දර්ලන්ත ජාතිකයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු හා ළමුන් තිදෙනෙකු සිටී. මොවුන් අතරින් එක් බස් රථයක රියදුරු හා තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
ගන්දර පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.