Spread the love

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින්, ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රිරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවට අනාවරණය වී ඇති බවත්, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.