Spread the love

මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයත් යා කෙරෙන වලස්මුල්ල එගොඩබැද්ද , හඳුගල , මාවරල ප්‍රධාන මාර්ගයේ හඳුගල හිඟුරුවත්ත ගල්ඔය අසල බෝක්කුව මේ වන විට පුපුරා ඇති බව ප්‍රදේශ වාසීන් පවසති.
මේ හේතුවෙන් පාසල් දරැවන් රැකි රක්ෂා වලට යන දහස් ගණනක් මෙන්ම මෙම ප්‍රදේශවල ප්‍රධාන ඡීවනෝපාය මාර්ග වන ⁣තේ හා කුරැදු වගා කරැවන්ද ඒවා ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා ඇත.
තවද දැනට මෙම බෝකුව ඉතා කුඩා බෝක්කුවක් බැවින්. වාහන ධාවනයට ඉතා අපහසු බවත් මෙම ස්ථානයේ වාහන කිහිපයක් අනතුරට පත් වී ඡීවිත රැසක් ද නැති වී ඇත.
වලස්මුල්ල , එගොඩබැද්ද , හඳුගල , මාවරල ප්‍රධාන මාර්ගයේ හිඟුරැවත්ත ගල්ඔය ලඟ බෝක්කුව අලුත් වැඩියා කර දෙන ලෙස බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයිද ප්‍රදේශවාසීහු පවසති .