Spread the love


නිමල් රාජපක්ෂ –
විදුලි බිල නොගෙවීම නිසා බමිබලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය ඊයේ සිට විසන්ධි කර තිබේ .
නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා විදුලි බිල ගෙවා නොමැති බැවින් රාත්‍රී කාලයේ කුප්පි ලාම්පු එලියෙන් ප්‍රවේශ පත්‍ර ලබාදීමට කටයුතු කරයි

දින දෙකක් තිස්සේ විදුලිය නැවත ලබා දීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී ඇති බැවින් දුම්රිය වේදකාව මුළු මනින්ම අදුරේ පවතිම නිසා දුම්රිය මගීන්ගේ ආරක්ෂාවට ද තර්ජන එල්ලවි තිබේ.

මගින් දැඩි පීඩාවට පත්වේ.


බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිබිල රුපියල් 877,741.90 ක් සඳහා චෙක් අංක 321865 දරණ චෙක් පත 24.01.2024 වන දින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ඇතත්, ඊයේ දින දහවල් සිට මේ දක්වා තවම බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය නොමැත බවද දුම්රිය දෙපා්තුමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන අතර ඉටිපන්දම් භාවිතයෙන් මහත පරිශ්‍රමයක් දරා එම දුම්රිය ස්ථානයේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් ඇත.