Spread the love

-නාගොඩ සුමන

ගාල්ල බන්ධනාගාර තුළ ඊයේ (26) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසීය.
සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා ක්‍රියාත්මක බව පැවසීය.
මේ වනවිට බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි.
රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ කළහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියී.
ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව ජාතික රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගැටුමින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්‍යාලයටද හානි සිදුව තිබේ.
බහින්බස් වීමක් ගැටුමට හේතුවී ඇතිබවට තොරතුරු අනාවරණය වී ඇතිබව එහිදී පැවසීය.
මේ අතර ගාල්ල බන්ධනාගාරයෙ ආරක්ෂාව තරකර ඇතිබව වැඩිදුරටත් පැවසීය.