Spread the love

 නාගොඩ- සුමන

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මෙවර බන්ධනාගාර රැදවියන්10 දෙනෙකු පෙනි සිටීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ  අනුව වටරැක බන්ධනාගාරයේ රැදවියන් 05 සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 05 දෙනෙකු ඒ අතර සිටීයි.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවු වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු ඒ අතර සිටින බව පැවසීය.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථාන 3568කදි මෙවර එය පැවැත්වෙයි.

ඒ සදහා අයදුම්කරුවන් හාර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු පෙනිසිටි.