Spread the love

බන්ධනාගාර ගතකර සිටියදී පලාගිය සැකකරුවෙකු, බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තඹුත්තේගම පොලීයිය අත්අඩංගුවට ගෙන ඇත.

තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් තඹුත්තේගම පොලිස් වසමේ, අනුරාධපුරය – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ, කෝන්වැව ප්‍රදේශයේදී, බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් යතුරුපැදියක්ද සමග අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බීමත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් යතුරුපැදියද ඊයේ (24) අනුරාධපුර පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, බන්ධනාගාරගත කර සිට ඇති බවද, එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී, බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබේ..

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන කුරුණෑගල – අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි සඳහන් වන්නේ