Spread the love

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් දුන් මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා  ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කල බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදුකරන ලද මූලික විමර්ශනයට අනුවඊයේ (04) දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියතු ප්‍රධාන ජේලර්වරයා හා ගබඩා භාරකරු වශයෙන් සේවය කළ නියාමකවරයාගේ වැඩ තහනම් කරන ඇත. 

දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසීය