නාගොඩ සුමන
ගාල්ල බූස්ස බන්ධනාගාරය තුළ ඊයේ (15)සිදු කළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු තාක්ෂණික උපාංග කිහිපයක් හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අධිආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ D කොටසේ දී සහ අංක 03 මුරපොළ අසල දී මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබේ.
එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ D කොටසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 300ක්, ජංගම දුරකථනයක් සහ දුරකථන උපාංග ද සොයා ගෙන තිබේ.
අංක 03 මුරපොළ අසල දී රැඳවියෙකු විසින් පුවත්පතක් තුළ සූක්ෂ්ම අයුරින් සඟවාගෙන බන්ධනාගාරයට තුළට රැගෙන යමින් සිටි දූරකථනයක් රාජකාරී යෙදී සිටි නිලධාරියාගේ පරීක්ෂාවේ දී සොයාගෙන තිබෙ.
සොයාගත් ජංගම දුරකථන 02, දුරකථන උපාංග සහ අයිස් මත්ද්‍රව්‍ය ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.