බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී අදාළ නිලධාරියාව බදුල්ල හල්පේ ප්‍රදේශයට කැඳවා මෙම පහරදීම සිදුකර ඇති බව පැවසෙයි.
එහිදී ඔහුට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදී කැපුම් තුවාල ද සිදුකර ඇති බව වාර්තා වෙයි.