Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල කොස්ලන්ද කැලිපනාවෙල ප්‍රදේශයේ  නායයෑමක් සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පැවසීය.

ඒ හේතුවෙන් පවුල් 21 ක පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

එම ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට කටයුතු කරමින් ඇතිබව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.