Spread the love

අද අර්බුදයකට මැදිවී

සිටින බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින්නේ යැයි ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලාය.

බංගලාදේශයේ වැනි භයානක තත්ත්වයක් මෙරටට අත් නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි නිර්භීත නායකයෙකු මෙරට සිටි නිසා බවද ඇය කියා සිටියාය.

වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ  කොළඹදී පැවති ‘කාන්තා අපේ බලය’ මැයෙන් පැවති කාන්තා සමුළුව අමතමිනි.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඇමතිනිය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක් වී තිබේ.