Spread the love


නිමල් රාජපක්ෂ-

පුත්තලම සිට ගල්කිස්ස බලා ධාවනය වු බංගදෙණිය කාර්යාල සීඝ්‍රගාමි දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි හොරට ගමන් කළ හා 3 පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගෙන 2 වන පංතියේ ගමන් කල මගීන් 25 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රවේශපත්‍ර පරික්ෂාව අද (16) පෙරවරු 7.45 පමණ කදාන දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා සිදු කළබව කොටුව මෙහෙයුම් ඒකකකයේ කාර්යාභාර නිලධාරි සුසිල් ප්‍රේමලාල් මහතා පවසයි.
මෙහිදී තුන්වන පංතියේ කළ පරික්ෂාවකදී ප්‍රවේශපත්‍ර නොමැතිව හොරට ගමන් කළ මගින් 6 දෙනකු හා 3වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 පංතියේ ගමන් කළ මගීන් 19 දෙනකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 12 දෙනෙකු සිටි බවද ප්‍රේමලාල් මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් මගින් 18 දෙනෙකුගෙන් ඒ මොහොතේම දඩ මුදල් වශයෙන් රුපියල් 56320/ අයකර ගෙන තිබිණ. ඉතිරි මගීන් හට ඒ මොහොතේ දඩ ගෙවීමට නොහැකි බැවින් ඇපකර තබා ගොස් තිබේ.
මින් ඉදිිරියට මගින් මතක ඇතිව දුම්රියේ ගමන් කිරිමේදී දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගෙන තමන්ට හිමි පංතියේ ගමන් කරන්න. දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බවද දුම්රි ය ආරක්ෂක නිළධාරිින් පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර අධිකාරී (අපරාධ නිවාරණ)කරුණානායක , සහකාර අධිකාරී ජයන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යාභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් , උප පරීක්ෂක ලෙස්ලි , සැරයන් වරුන්වන පාලික පුෂ්පකුමාර , ප්‍රියන්ත , තිලකරන්ත , ආරක්ෂක නිලධාරීන්වන ලලිත් ,රණසිංහ,හේරත්, කාන්තා ආරක්ෂිකා සේපාලි, උධාරී ඇතැළු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.