Spread the love

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අද අප සිටින්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩගනිමින් සිටින අවස්ථාවක බවත් අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ යුතු අතර ඒ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවත් ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අපට නොමැතිවීම හේතුවෙන් ණය ලබා ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

අපි ණය චක්‍රයේ සිටිනවද ඉන් ඉවත්වී ඉදිරියට යනවද කියන එක පිළිබඳ අප අවධානය යොමු කළ යුතු බවත් මේ නිසා රටේ ඉතා තරගකාරි ආර්ථිකයක් සමඟ ලෝක වෙළෙඳපොළ වෙත ගමන් කර වෙළෙඳ භාණ්ඩවලින් සහ සේවාවලින් අපට ලැබෙන ආදායම වැඩි කර ගෙන අතිරික්තයක් පවත්වාගත යුතු බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් රට හැර ගිය පිරිසත් නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.