Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හිටපු නියෝජිතයන් සහ පළාත් පාලන හිටපු නියෝජිතයන්ද එම පක්‍ෂයේ ඇතිවී තිබෙන බෙදීම මත දැඩි පියවර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායම්ද දිස්ත‍්‍රික් වශයෙන් නුදුරේදීම ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබේ.

දැනට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 90% ඉක්මවා ජනාධිපතිවරයාට සහාය දීමට එකතු වී තිබේ.

මේ වන විටත් එම පක්ෂයේ ඊළඟ ස්ථරයන් වන පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ගේ සංසද ඊට අදාළ යෝජනා සම්මත කර ගැනීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජනපෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග මෙම අර්බුදය ඇතිව තිබේ.