Spread the love

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදටත් 69 ලක්ෂයක ජනතාව සිටින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

හැට නම ලක්ෂයක ජනතාව පදනම තම සාක්කුවේ දාගන්නේ යැයි කිසිවකු සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බවද ඔහු කියා සිටියි.

සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් අද වන විට හැට නම ලක්ෂයක ජනතාවට පොරකන බවද පැවසූ ඡන්ද පදනමින් යම් ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව නිහතමානීව පිළිගන්නා නමුත් බහුතර ප්‍රමාණය තවදුරටත් පක්ෂය සමඟ සිටින බවද සඳහන් කළේය.

එමෙන්ම පොදු ජන පෙරමුණේ කිසිවකු කොතැනක හෝ කඳවුරකට බැඳී නැති බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.