Spread the love

ඉදිරි ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දී රාජපක්ෂලා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වී සිටිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“පොහොට්ටුවේ ආර්ථික ඝාතකයෝ කියලා දැන් කොටසක් හඳුනාගෙන තියෙනවා. ඒ අයත් එක්ක හිටීම තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන සෘණාත්මක අගය.

ඒක මං එතුමාට කියලාත් තියෙනවා. මං හිතන්නෙ රාජපක්ෂවරුත් තීන්දුවක් ගන්න ඕනෙ තමන්ගේ කඳවුරක් දිනනවා නම් තමන් පැත්තකට වෙන්න.”