Spread the love

තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කල හැකි අයකු පමණක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන බවත්, එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.