Spread the love

ජාතික පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වන බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සාස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි. 
එය ජූනි 06 වැනි දා දක්වා ක්‍රියාත්මක වෙයි.
මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුරය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
මෙම කාල සීමාව තුළ අනුරාධපුරය බලා අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දැනට අනුරාධපුරය දක්වා පවතින දුම්රිය ගමන්වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන්වාර 10ක් අමතරව එක් කිරීමට නියමිතයි.
පොසොන් උත්සව සමයේ දිස්ත්‍රික්කය පුරා අතිරේක බස් රථ 400 ක් යොදවා ඇතිබව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.