Spread the love

පොසොන් පොහෝ දින පසු වී දෙදිනක් ගත වුණද පොහොය දින සිදුවුණු විශේෂ සිදුවීම් තවමත් වාර්ථා වෙනවා. සාමාන්‍යයෙන් පිණ්ඩපාතය වඩින විටදී හෝ පන්සලේදී හෝ වෙනත් පෞද්ගලික ස්ථානයකදී ස්වාමීන් වහන්සේලාට දන් පිළිගන්වන්නේ ගිහියන් විසින්.

සංඝරත්නය ගිහියන්ට දානය පිළිගන්වන්නේ නැහැ. නමුත් ගාල්ල ප්‍රදේශයේ පොසොන් පොහොය දා එවැනි අපූරු සිදුවීමක් වාර්තා වුනා.

පොසොන් පොහොය දින මහමඟ රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරියෙකුට පිණ්ඩපාතයේ වැඩි ස්වාමීන් වහන්සේ නමක් විසින් ආහාරපාන ලබාදුන් සිදුවීමක් එම පොලිස් නිලධාරියා විසින්ම දීර්ග සටහනක් ඡායාරූප සහිතව සමාජ ජාලාවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහනයි…

“සංඝරත්නයෙන් දන් ලැබූවෙමි…!

අද පොසොන් පෝදා මට පැවරී ඇති රාජකාරිය ඉටු කරමින් පාර අයිනේ සිටියදී, පාත්‍රය උරහිසෙහි එල්ලාගෙන මහ මග වඩිමින් සිටි සඟ රුවනක්, මා අසල නතර උන සේක. මා එකෙනෙහිම, උන් වහන්සේව වන්දනය කලෙමි. මෙවිට මට පෙනී ගියේ, උන් වහන්සේ වසා තිබූ පාත්‍රයට අත ඇතුල් කරනා දසුනකි.

උන්වහන්සේ, පාත්‍රයෙන් එලියට ගත්, කිරි පැකට්ටුවක් සහ බිස්කට් පැකට්ටුවක් මා අත තැබීය. මට හිතන්නට බැරුව, සිත ගොළු උනේය. මා, උන් වහන්සේ ප්‍රාර්ථනය කරන නිවන අවබෝධ වෙන්නැයි ප්‍රාර්ථනය කරමින්, සාදු සාදූ… පිං දුනිමි. උන් වහන්සේගේ නම ලියන්නට අවසරයි! හේ, ‘විනීත රතන’ හිමිය. මේ කිසිවක් නොව, යමෙක් කුසලයෙහි යෙදෙන්නෙක් වේනම්, මතු භවයේ පමණක් නොව, මෙලොවදීත් ඒ කුසලයන් ඵල දෙන කතාවේ සැබෑම වු පැතිකඩය…….

සම්මා සම්බුදු සරණයි ඔබ සැමට ! “