Spread the love

පොසොන් පොහොයට සමගාමීව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව නියමයන් සහ කොන්දේසි කිහිපයක් මත සිරකරුවන් සඳහා එම විශේෂ සමාව ලබාදීමට නියමිත අතර දඩ මුදල් නොගෙවීම මත බන්ධනාගාර ගතව සිර දඬුවම් විඳින සිරකරුවන් ඇතුළු පිරිසකට මෙලෙස විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට නියමිතයි.