Spread the love


නිමල් රාජපක්ෂ-

නිතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුවෙන් පැය දෙකක කාලයක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමෙන් පසුව කොම්පඤ්ඥවීදිය පොලීසිය දුම්රිය දේපලවලට අලාභහානි සිදු කළ පිරිසෙන් කොටසක් අත්අඩංගුවට ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
එසේ දුම්රිය දේපොලවලට අලාභහානි සිදු කළ අයව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ඒ අනුව යලි යථාතත්වයට පත්ව ඇත.
සිද්ධිය සැකෙිවින් මෙසේයි,කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට හා දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුල්වීම වලක්වාලීම සඳහා ඉදිකොට තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ කටයුතු දින දෙකකට ආසන්න කාලයක සිට සිදු කරමින් පැවතිණ.

මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කොට ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගය නොගැනීම හේතුවෙන් අද දින එම ප්‍රදේශවාසීන් විසින් සම්පූර්ණයෙන්ම එම තාප්පය කඩා ඉවත් කිරීමට කටයුතු කොට ඇත.

දුම්රිය දේපොළ කඩා දැමූ පිරිස අත්අඩංගුවට ගැනීමේ කටයුතු ප්‍රමාද වීම හා එම පිරිස වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දින පැය දෙකක පමණ වේලාවක් දුම්රිය ධාවන කටයුතු වලින් ඉවත් වීමට සිදුව ඇත.

කෙසේ වෙතත් පැය දෙකකට ආසන්න කාලයකින් පසුව එම අලහහානී කල පිරිසෙන් කොටසක් මේ වන විට කොම්පඤ්ඤ වීදීය පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදු වේ..

දුම්රිය දේපොලවලට අලාභහානි සිදුකළ අය අත්අඩංගුවට ගැනීමේන් පසු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ඒ අනුව යලි යථාතත්වයට පත්ව ඇත.