Spread the love

මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්.  දිසානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි..

එමෙන්ම මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්. ඒ. ජේ. විශාන්ත මහතා අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුට රාජකාරී ඉටුකිරීම සඳහා නව පත්කිරීම් සිදුකර තිබේ.

අදාල නිවේදනය පහතින් ,