Spread the love

විමර්ෂණ කටයුත්තක් සඳහා අවිස්සාවෙල්ල, මානියන්ගම ප්‍රදේශයට රැගෙන යමින් සිටිය සැකකරුවකු ඔහුගේ මාංචු මඟින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකිරිමට උත්සහ කිරිමේදි ඇතිවු තෙරපීම නිසා තුවාල ලැබු සැකකරු අවිස්සාවෙල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගිය බව පොලිස් මූලස්ථානය පවසයි.

රාත්‍රි කාලයේ සැකකරුවන් ප්‍රශ්න කිරිම් සඳහා රැගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටියේ ඕනෑම වේලාවක සැකකරුවන් රැගෙන යාමේ බලය පොලිසියට ඇති බවයි.