Spread the love


නිමල් රාජපක්ෂ-

මඩකලපුව දුම්රියේදී මිතුරුවු පුද්ගලයකු දුන් වතුර පානයකිරිමෙන් පසු අකර තැබ්බයකට පත්වු කාන්තාවට පොලීසියේදිද යළිත් අකර තැබ්බයක් වු සිද්ධියක් කොටුව දුම්රිය ආරක්ෂක සේවාවෙන් වාර්තාවෙයි.හරියට ගහෙන් වැටුනු කෙනාට ගොනා ඇන්නාක් මෙණි.
සිද්ධිය වුයේ මේමස 8 වැනිදායි. ආදලා කාන්තාව මඩකපුවේ සිට රට යාම සදහා ඒජන්සියකට මුදල් බැදීමට රුපියල් ලක්ෂ හතරක්ද රැගෙන මඩකලපුවේසිට කොළඹට දුම්රියෙන් පැමිණ තිබේ. දුම්රියේදි මිතුරු වු පුද්ගලයකුගෙන් ඇය වතුර ඉල්ලා පානයකර ඇත. වතුර පානය කලාට පසු ඇයට කුමක්වුයේද යන්න ඇයවත් නොදනි .ඇයට මතක එපමණක් පමණකි . දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට පැමිණ අවස්ථාවේ අදාල කාන්තාව සිහි මද ගතියෙන් වැටි සිටිණු දුටු යුධ හමුදා නිලධාරියකු ඇය කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරින්වෙත බාරදී තිබේ.
දුම්රිය ආරක්ෂක නිලධාරින් ඇයට වු සිද්ධිය සටහන් කර ගනිමින් ඇය පරික්ෂා කිරිමේදි රුපියල් තුන්ලක්ෂ පන්දාස් තිහක මුදලක්ද ඇය සතුව තිබෙන බවට සනාථ කරගෙන තිබේ. ඇයගේ කනකර සියල්ල ඇය සතුවම තිබිණ.
. සිද්ධිය සැකෙවින් මෙසේයි.
විදේශ රැකියාවකට යාමට ඒජන්සියකට මුදල් බැදීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් රැගෙන මඩකලපුවේ සිට දුම්රියෙන් කොළඹට පැමිණි කාන්තාවට දුම්රියේ දී මිතුරුවු පුද්ගලයකු ලබාදුන් වතුර බිමන් පසු සිහි මද ගතියෙන් දොඩවන කාන්නාවක් දුටු එම දුම්රියේ ම සිටි යුධ හමුදා නිලධාරියකු අදාල කාන්තාව මාර්තු මස 8 වැනිදා කොටුව දුම්රිය ආරක්ෂක නිළධාරින් වෙත රැගෙනවිත් බාරදී තිබේ.
එහිදි දුම්රිය ආරක්ෂක නිලධාරින් අදාල කාන්තාව පරික්ෂා කිරිමේදී රුපියල් තුන්ලක්ෂ පන්දාස් තිහක මුදලක් ඇය සතුව තිබි සොයා ගෙන ඇත.. අදාල කාන්තාවට මතක දුම්රියේදී මිතුරු වු පුද්ගලයාගෙන් වතුර බෝතලයක් ලබාගෙන පානය කල එක විතරය . ඇය එජන්සියකට මුදල් බැදිමට රුපියල් හාරලක්ෂයක් රැගෙන ආබවත් එම් අවස්ථාවේදී ඇය සතුව තිබුයේ රුපියල්තුන්ලක්ෂ පන්දාස් තිහක් බවත්ය . ආදල කාන්තාව මේ මොහොත වන විටත් සිහි මද ගතියෙන් සිටින බැවිත් කොටුව දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරීන් ආදල සිද්ධිය පොත්පත්වල සටහන් කොට ඇත. අංක 6 ,පල්ලිය පාර ,කාත්තන්කුඩු ,සාරිපුත්ති තම්බි අයේෂාබීඩ් (675243930v) නැමැති කාන්තාව රුපියල් තුන්ලක්ෂ පන්දාස් තිහත් සමගින් කොටුව පොලිසිය වෙත කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරින් බාරදී තිබේ.
එහිදී කොටුව පොලිස් පොතේ සටහන්කොට කාන්තාව සතු 305030/මුදල පොලිසිය බාරදී ඇත. ඉන්අනතුරුව 1990 ට කථා කොට ගිලන් රථයකින් අදාල කාන්තාව ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ. දෙදිනකට පසු අයේෂාබීඩ් නැමැති කාන්තාව සුවය ලැබීමෙන් පසු මාර්තු මස 10 වැනිදා කොටුව දුම්රිය ආරක්ෂක සේවාව වෙත පැමිණ තමන්ට සුවය ලබා ඇති බවත් මුදල් කිසිවක් අත නොමැති බවද පවසා තිබේ. එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් කොටුව පොලිසියේ තමන් සතු මුදල තිබෙන බැවින් එය ලබා දීම සදහා රැගෙන ගොස් තිබේ. අදාල කාන්තාවට කොටුව පොලිසියේ තමන් සතු මුදල් ලැබුණද බාරදුන් මුදලින් රුපියල් 43000 මුදලක් අඩු බවද දුම්රිය ආරක්ෂක සේවයෙන් වාර්තාවිය. අදාල සිද්ධිය විමසුවිට මෙපමණයි තිබෙන්නේ යනුවෙන් පොලීසියෙන් පවසා තිබිණ. ම්න්ද කොටුව පොලිසියට බාරදුන් මුදලින් රුපියල් 43000 කඅඩුවුයේ කෙසේද . දින දෙකක් මුදල් පරිස්සම් කලාට මෙසේ 43000 ක් අයකලාද යන්න සැකකයක් පවතී . අසරණවු කාන්තාව තවත් මෙහිදී තවත් අසරණ තත්ත්වයට පත්විය. කාන්තාවට කර කියා ගන්න දෙයක් නොමැතිව කල උපකාරයට කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට ස්තුතිය පුදකරමින් ආපසු මඩකලපුව බලා ගන් කළාය. . නීතිය රකින නිලධාරීන් මෙවැනි වංචකින ක්‍රියා සිදු කරන්නේනම් ජනතාවට ආරක්ෂාවක් පොලිසියෙක් බලාපොරෝතුවිය හැකිද . මෙවැනි ඇතැම් වංචනික නිලධාරීන් බලා මුළු පොලිසියේම කිීර්තිනාමයට හානියක් සිදු වනවා නේද? ,නීතිය රකින නිලධාරින් මෙවැනි වංචනික ක්‍රිය සිදු කරනවිට ජනතාවට කාගේ පිළිසරණක්ද .පොලිස්පති තුමනි මේ සිද්ධිය පිලිබදව වහාම පරික්ෂණයක් පවත් වන්නේ නම් ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන් සිදු නොවනු ඇත.