නිමල් රාජපක්ෂ-
පලෙයි පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු හා කොස්තාපල් වරයකු පිස්තෝලයක් රුපියල් ලක්ෂ හතක් වටිනා කේ.ජී ගංජා තොගයක් සමගින් පලෙයි ප්‍රදේශයේදි කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් 22 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් කේරල ගංජා මිලදී ගැනීම සදහා පලෙයි ප්‍රදේශයට ගිය අවස්ථාවේ අදාල සැකකරුවන් පලෙයි පොල්සංවර්ධන මණ්ඩලයේ නිවාඩු නිකේතනයට එන ලෙසට දැණුම් දී තිබේ. රාත්‍රී 10 .00 පමණ එහිගිය වෙස්වලාගත් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අදාල පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ හතකට එක් කේරල ගංජා පැක් එකක් මිලදී ගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී අදාල පුද්ගලයා සිය පිස්තෝලය සුරාබදු නිලධාරීයකුගේ හිස මතට තබා පැනයාමට තැත්කලත් දැඩි පරිශ්‍රමයක් යොදා සැකකරුවන් දෙදෙනා කොටුකර ගෙන තිබේ.
පසුව කළ පරික්ෂාවකදි ප්‍රධාන සැකකරු අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා බවත් අනික් සැකකරු පොලිස් කොස්තාපල් වරයකු බවත් සථාන වී තිබේ.
අත්අඩංගුටව ගත් සැකකරුවන් ඊයේ (23)මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා ඇතුලු නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.