Spread the love

අනනොතකා ධාවනය කළ ලොරි රථයක රියදුරුටනාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අද (18) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා  පැවසුවේ පොලිස් අන නොතකා  ධාවනය කළ ලොරි රථයක් නවතා  පරීක්ෂා  කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
  
මෙම වෙඩිවැදීම සිදුවී තිබුණේ අද පස්වරු 06.30 ට පමණය.

වෙඩිවැදීමට ලක්වූ පුද්ගලයා ඔහුට අයත් කුඩා ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිට තිබුණි.

පොලීසිය පැවසුවේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලොරි රථය නවත්වන ලෙස කළ දැනුම්දීම නොතකා  රියදුරු එය ඉදිරියට ධාවනය කර ඇති බවය.

ඒ අනුව රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනා  දම්පැලැස්ස ප්‍රදේශයේදී එය නවත්වා  පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා  නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.