පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය ගෙව ඇත්තේ පෞද්ගලික කරුණක් මත බවත් ඔහු ලිපිය මගින් දන්වා ඇති බවයි පැවසෙන්නේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සිද්ධියේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සිය වගකීම ඉටු කරනු ලැබුවා.