Spread the love

ශ්‍රී ලංකා ලංකා පොලිසියේ නිල සුනඛ අංශය සඳහා නෙදර්ලන්තයේ සිට සුනඛයන් තිස්පස් දෙනෙකු මෙරටට ගෙන විත් තිබේ.

රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක වියදමක් මේ සඳහා දරා ඇත.

මෙසේ මෙරටට ගෙන එනු ලැබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් හා ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වෙයි.

බෙල්ජියම් මැලිනොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, ර්ජමන් ෂෙපඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Span- iel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ද මෙම සුනඛයන් අතර සිටී.

මාස අටත් දොළහත් අතර වයසේ පසුවන මෙම සුනඛයන් කටුනායක ගුවන් තොටුපොල ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට ගුවන් තොටුපොල සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත්, එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මාස 03 ක කාලයක් නිරෝධායනය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය වැටලීම් හා අපරාධ ර්මධන රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.

මොවුන් ආනයනයේදී දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීම සඳහා මෙම සුනඛයෙන් මෙරටදීම අභිජනනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය කියයි.