නාගොඩ -සුමන
:පොල් ගස් කැපීමට පෙර ඒ පිළිබඳව සිය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබාගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ සඳහා නව ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝගය මත මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කර තිබේ.
කෘෂිකාර්මික ඉඩම් භාවිතය සඳහා රජය සීමාවන් හඳුන්වා දී තිබේ.
ඒ අනුව අක්කරයකට වඩා වැඩි කෘෂිකාර්මික ඉඩම් වෙන්දේසි කිරීම හෝ උප කොටස් වශයෙන් බෙදීම තහනම් වෙයි.
අක්කරයකට වඩා වැඩි ඉඩමක් වෙනත් ව්‍යාපෘති සඳහා නැවත භාවිත කිරීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වෙනත් අදාළ රජයේ ආයතනයක් විසින් සිදුකරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසු එයට අනුමැතිය ලබාගත යුතුය.
මීට පෙර ඉඩම් හිමියන්ට අක්කර 10ට අඩු ඉඩම් වෙන්දේසි කිරීමට අවසර දී තිබූණි.
එහෙත් පොල් සංවර්ධන මණ්ඩලය විසින් මෙම අවසරය ද අවලංගු කර තිබේ.
නව රෙගුලාසි මේ වනවිට ක්‍රියාත්මක වෙයි.
ඉදිරියේදී මෙම වෙනස්කම් පාර්ලිමේන්තු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පවතින පොල් හිඟයට පිලියම් ලෙස මෙම තීරණ වලට එළඹි බවයි.