රක්වාන පොලිස් වසමේ කවුඩුවාව, පහලවත්ත ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට රක්වාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්‌ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 57 ක් වූ කවුඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම බිරිද සමඟ කවුඩුවාව, පහලවත්ත ප්‍රදේශයේ පිහිටි තම කුඹුරට ගොස් සිටියදී පුද්ගලයෙකු තම මවත් සමඟ එම ස්ථානයට පැමිණ ඉඩමක කැඩූ පොල් සඳහා ගෙවිය යුතු රුපියල් 10,000/- මුදලක් ඉල්ලා සිට ඇත.
එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කුඹුරට පැමිණ සිටි පුද්ගලයාට හා ඔහුගේ බිරිදට මුදල් ඉල්ලා පැමිණි පුද්ගලයා විසින් පොල්ලකින් පහරදී ඇත.
පහරදීමෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇත.
සැකකරු හා සැකකාරිය කවුඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මෙම අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.