Spread the love

පොල්ගෙඩි මිලියන 200 ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් විසින් පිහිටුවන ලද කමිටුවක් මගින් එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන එම පොල් ප්‍රමාණය නිර්දේශ කරනු ලබන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව, කමිටුවේ අනුමැතිය අනුව එම පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ